Tuesday, February 17, 2026
Homeදේශීයවෙඩිතබා පලාගොස් සිටි අයෙක් STF වැටලීමකින් අත්අඩංගුවට

වෙඩිතබා පලාගොස් සිටි අයෙක් STF වැටලීමකින් අත්අඩංගුවට

වෙඩිතබා පුද්ගලයෙකුට තුවාල සිදු කිරීමේ අපරාධයකට සම්බන්ධව පලාගොස් සිටි සැකකරුෙකුවක්, පොලිස් විශේෂ කාර්ය බළකාය (STF) මොරටුව කඳවුරේ නිලධාරීන් විසින් ඊයේ (31) දින අත්අඩංගුවට ගෙන ඇත.

ලද තොරතුරක් අනුව, දමන පොලිස් වසමේ හිගුරාන ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී මෙම සැකකරු හෙරොයින් ග්‍රෑම් 13ක් සහිතව අත්අඩංගුවට ගත් බව සඳහන් වේ.

ඇතැම් වාර්තා අනුව, සැකකරු ඉකුත් ජුලි 11 වනදා හිරණ ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩිතබා තුවාල සිදු කිරීමත්, පානදුර පොලිස් වසමේ පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට සැලසුම් කිරීමත් සම්බන්ධයෙන් අවශ්‍යකර සිටියේය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 39ක් වන හිගුරාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

දමන හා හිරණ පොලිස් ස්ථාන සහ පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments