Thursday, February 12, 2026
Homeදේශීයවෙළෙඳ නෞකා ආරක්‍ෂක කණ්ඩායම්වලට පහසුකම් සැපයීමෙන් ඩොලර් ලක්ෂ 6ක උපයාගැනීම

වෙළෙඳ නෞකා ආරක්‍ෂක කණ්ඩායම්වලට පහසුකම් සැපයීමෙන් ඩොලර් ලක්ෂ 6ක උපයාගැනීම

වෙළෙඳ නෞකා ආරක්‍ෂක කණ්ඩායම් සඳහා පහසුකම් සැපයීමේ මෙහෙයුම් මඟින් මාස 4ක් තුළ අමෙරිකානු ඩොලර් 598,250ක විදේශ විනිමයක් උපයාගෙන ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

පසුගිය වසරේ ඔක්තෝබර් 03දා ආරම්භ කළ මෙම මෙහෙයුම් මඟින් ඩොලර් ලක්ෂ 6කට ආසන්න ආදායමක් උපයාගත් බව අධ්‍යක්ෂ ජනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේය.

විදේශීය පෞද්ගලික සමුද්‍රීය ආරක්‍ෂක සමාගම් සමඟ ගිවිසුම්ගත වෙමින් මෙම සේවාව ක්‍රියාත්මක කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒ මහතා මෙම අදහස් පළ කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments