Saturday, February 14, 2026
Homeදේශීයශ්‍රී ලංකා නීතිඥ සංගමය අකුරේගොඩ සිද්ධියට හදිසි මහ සභා රැස්වීමක් කැඳවයි

ශ්‍රී ලංකා නීතිඥ සංගමය අකුරේගොඩ සිද්ධියට හදිසි මහ සභා රැස්වීමක් කැඳවයි

අකුරේගොඩ වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ස්ථාවරය තීරණය කිරීම සඳහා වසර 14කට පසු සියලු සාමාජිකයින්ගේ හදිසි මහ සභා රැස්වීමක් හෙට (15) පස්වරු 3ට කොළඹදී පැවැත්වීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය තීරණය කර තිබේ.

සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා අද (14) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ, මෙම සිද්ධිය සමස්ත නීති පද්ධතියටම බලපාන බැවින් ඉදිරි පියවර මහ සභාවේදී තීරණය කරන බවයි.

නීතියේ ආධිපත්‍යයට තර්ජනයක් ලෙස මෙම ක්‍රියාව දැඩිව හෙලා දකින බවත්, වගකිවයුත්තන් වහාම අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් සංගමය අවධාරණය කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments