Thursday, January 15, 2026
Homeක්‍රීඩාශ්‍රී ලංකා –පාකිස්තාන පළමු විස්සයි20 අද

ශ්‍රී ලංකා –පාකිස්තාන පළමු විස්සයි20 අද

තරග 3කින් සමන්විත ශ්‍රී ලංකා–පාකිස්තාන විස්සයි20 ක්‍රිකට් තරගාවලිය අද (16) දඹුල්ලේදී ආරම්භ වේ.

පළමු තරගය අද රාත්‍රී 7.00ට රංගිරි දඹුල්ල ජාත්‍යන්තරක් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර තරග 3ම ඒම ක්‍රීඩාංගණයේදී පවත්වනු ඇත.

පාකිස්තාන කණ්ඩායම මෙරට විස්සයි20 තරගාවලියක සඳහා එක්වන්නේ වසර 11කට පසුවයි.

මෙවර ශ්‍රී ලංකා සංචිතයට දඟ පන්දු යවන ක්‍රීඩක ට්‍රැවින් මැතිව් පළමු වරට කැඳවා ඇති අතර චරිත් අසලංක, ධනංජය ද සිල්වා සහ දුනිත් වෙල්ලාලගේද යළි කැඳවා ඇත.

තරගාවලියේ සමස්ත ආදායම “Rebuilding Sri Lanka” අරමුදලට පරිත්‍යාග කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට්වලින් තීරණය කර ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments