Tuesday, December 23, 2025
Homeදේශීයශ්‍රී ලංකා මුහුදු සීම උල්ලංඝණය කළ ඉන්දීය ධීවරයින් 6ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා මුහුදු සීම උල්ලංඝණය කළ ඉන්දීය ධීවරයින් 6ක් නාවික හමුදා භාරයට

මන්නාරමට උතුරු දෙසින් වූ මෙරට මුහුදු තීරයේ දී අනවසර ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ට්‍රෝලර් යාත‍්‍රාවක් සමඟ ධීවරයින් 06 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

අදාළ ට්‍රෝලර් යාත‍්‍රාව සමඟ එහි සිටි ඉන්දීය ධීවරයින් හය දෙනා සහ ධීවර ආම්පන්න තලෙයිමන්නාරමට රැගෙන ඒමෙන් අනතුරුව ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාරදීමට නියමිතයි.

නාවික හමුදාව සඳහන් කලේ මෙම මාසයේ දී පමණක්, ශ‍්‍රී ලංකාවට අයත් මුහුදු තීරයට ඇතුළුව අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත‍්‍රා 04 ක් සමඟ එම යාත‍්‍රාවන්ගේ සිටි ඉන්දීය ධීවරයන් 29 ක් සිය භාරයට ගෙන ඇති බවයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments