ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහ සවුදි අරාබියේ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අබ්දුල්රාහ්මන් බින් අයියෆ් අල්-මක්රින් කුමරු අතර හමුවක් රියාද් නුවර පැවැති ලෝක ආරක්ෂක ප්‍රදර්ශනයට සමගාමීව පැවැත්විණි.
එහිදී දෙරට අතර ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම, දිගුකාලීන සබඳතා වර්ධනය කිරීම සහ හමුදා පුහුණු අවස්ථා පුළුල් කිරීම පිළිබඳව සාකච්ඡා කෙරිණි.
මත්ද්‍රව්‍ය ජාවාරම් සහ නීතිවිරෝධී භාණ්ඩ ප්‍රවාහනය වැනි දේශසීමා ඉක්මවා යන තර්ජනවලට එරෙහිව ද්විපාර්ශ්වික සම්බන්ධීකරණය හා තොරතුරු හුවමාරුව ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවයද අවධාරණය කෙරිණි.
නවීන ආරක්ෂක තාක්ෂණයන්, නියමුවන් රහිත ගුවන් යානා සහ බුද්ධි තොරතුරු පද්ධති පිළිබඳවද මෙහිදී අවධානය යොමු වූ බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.

