Tuesday, February 17, 2026
Homeදේශීයශ්‍රී ලංකාව සහ බෙලීස් අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ වෙයි

ශ්‍රී ලංකාව සහ බෙලීස් අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ වෙයි

ශ්‍රී ලංකා රජය සහ බෙලීස් රජය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා අද (21) සිට බලපැවැත්වෙන ලෙස නිල වශයෙන් ආරම්භ කර තිබේ.

ඊට අදාළ ගිවිසුමට අත්සන් තැබීම නිව්යෝර්ක් නුවරදී සිදු වූ අතර, එයට එක්ව සිටියේ එක්සත් ජාතීන්ගෙන් ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත තානාපති ජයන්ත ජයසූරිය මහතා සහ බෙලීස් රාජ්‍යයේ එක්සත් ජාතීන්ගෙන් නිත්‍ය නියෝජිත තානාපති ජැනින් කොයි-ෆෙල්සන් මහත්මිය ය.

විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ, මෙම රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපනය මඟින් දෙරටට අන්‍යෝන්‍ය ප්‍රතිලාභ ඇතිවන පරිදි දේශපාලන, ආර්ථික, සමාජ හා සංස්කෘතික ක්ෂේත්‍රවල සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරනු ඇති බවයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments