ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය වෙනුවෙන් කැපවී කටයුතු කරන බව, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් මහතා පවසයි.
ඔහු ඒ බව සඳහන් කළේ, ඕමානයේ මස්කට් නුවරදී විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා හමුවූ අවස්ථාවේදී ය.
එහිදී දෙරට අතර ඵලදායී අන්තර් ක්‍රියාවන් මෙන්ම පුළුල් සහයෝගීතාව සම්බන්ධයෙන් සමාලෝචනය කළ බව, X පණිවුඩයක් නිකුත් කරමින් ඉන්දීය විදේශ අමාත්‍යවරයා සඳහන් කළේ ය.
ඕමානයේ පැවැත්වෙන, 8 වැනි ඉන්දීය සාගර සමුළුව අතරතුර එම හමුව පැවැත්විණ.