SriLankan Airlines සහ Sri Lanka රජය එක්ව ගුවන් සමාගමේ ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකව අවසන් කර ඇති බව වාර්තා වේ.
මෙම ගනුදෙනුව සඳහා 99%කට වැඩි පිරිසක් එකඟතාව පළ කර ඇති අතර, එය සමාගමේ ආර්ථික ප්‍රතිසාධනයේ වැදගත් පියවරක් ලෙස සැලකේ.
අදාළ ගිවිසුම යටතේ 16%ක කප්පාදුවක් සිදුකර නව බැඳුම්කර නිකුත් කර ඇති අතර, ඒ හරහා සමාගමේ මූල්‍ය ස්ථායීත්වය ශක්තිමත් කිරීමට හැකි වනු ඇතැයි සඳහන් වේ.
එමෙන්ම මෙම පියවර රටේ සමස්ත ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට ද සහාය ලබාදෙන බවද SriLankan Airlines වැඩිදුරටත් පෙන්වා දෙයි. ✈️
ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකව අවසන්

