Thursday, January 15, 2026
Homeදේශීයශිෂ්‍යත්ව ප්‍රතිඵල මත 6 ශ්‍රේණියට ඇතුළත් වීමේ පළමු වටයේ අභියාචනා Online ක්‍රමයට.

ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත 6 ශ්‍රේණියට ඇතුළත් වීමේ පළමු වටයේ අභියාචනා Online ක්‍රමයට.

2025 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත 2026 වර්ෂයේ 6 ශ්‍රේණියට පාසල් ඇතුළත් වීම සඳහා වන පළමු වටයේ අභියාචනා, 2026 ජනවාරි 12 සිට 2026 ජනවාරි 25 දක්වා මාර්ගගත (Online) ක්‍රමවේදය ඔස්සේ ඉදිරිපත් කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි.

අභියාචනා ඉදිරිපත් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk වෙත පිවිස, උපරිම පාසල් තුනක් සඳහා අභියාචනා යොමු කළ හැකිය.

එසේම http://g6application.moe.gov.lk/#/ යන දිගුව ඔස්සේ සෘජුවම අභියාචනා ඉදිරිපත් කිරීමේ හැකියාවද පවතින බව අමාත්‍යාංශය සඳහන් කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments