Thursday, March 5, 2026
Homeදේශීයශීත ඍතුව සඳහා සංචාරකයින් රැගත් Air Astana මංගල ගුවන් යානය ශ්‍රී ලංකාවට...

ශීත ඍතුව සඳහා සංචාරකයින් රැගත් Air Astana මංගල ගුවන් යානය ශ්‍රී ලංකාවට පැමිණෙයි

ශීත ඍතුව සඳහා යුරෝපයෙන් ශ්‍රී ලංකාව වෙත පැමිණෙන සංචාරක සමයේ ආරම්භය සනිටුහන් කරමින්, කසකස්තානයේ සිට සංචාරකයින් රැගත් ප්‍රථම Air Astana මංගල ගුවන් යානය ඊයේ (25) සවස කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත.

Air Astana ගුවන් සේවයට අයත් KC-167 දරන මෙම ගුවන් යානය කසකස්තානයේ අල්මාආටා ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් ඊයේ සවස 04.10 ට පිටත් වී කටුනායක වෙත ළඟා විය.

මෙම ගුවන් යානයෙන් සංචාරකයින් 182 දෙනෙකු සහ ගුවන් යානා කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් 08 දෙනෙකු පැමිණ සිටියහ.

ශීත සංචාරක සමය පුරාවට Air Astana ගුවන් සේවය සෑම සතියකට දින දෙකක්, එනම් සෑම සඳුදා සහ බ්‍රහස්පතින්දා දිනකම, කසකස්තානයේ අල්මාආටා නගරයෙන් ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත ගුවන් ගමන් සිදු කිරීමට නියමිත අතර, මෙම සේවාව 2026 වසරේ මාර්තු මස 31 දක්වා ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

මෙම ගුවන් සේවාව හරහා කසකස්තානය ඇතුළු යුරෝපීය කලාපයේ සිට ශ්‍රී ලංකාව වෙත සංචාරකයින් ආකර්ෂණය කරගැනීමට හැකි වනු ඇති බව සංචාරක ක්ෂේත්‍රයේ නිලධාරීන් විශ්වාසය පළ කරති.

RELATED ARTICLES

Most Popular

Recent Comments