රිය අනතුරකට ලක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතාගේ වෛද්‍ය වාර්තාව මෙතෙක් පොලිසිය වෙත ලැබී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්. යූ. වුට්ලර් මහතා පවසයි.
වෛද්‍ය වාර්තාව ලැබීමෙන් අනතුරුව මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි නීතිමය පියවර පිළිබඳ තීරණය කරන බවද ඔහු සඳහන් කළේය.
පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ අශෝක රන්වල මහතා ධාවනය කළ ජීප් රථය තවත් මෝටර් රථයකට සහ යතුරුපැදියකට ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර, එම අනතුරින් මන්ත්‍රීවරයා සහ අනෙක් මෝටර් රථයේ ගමන් කළ කුඩා දරුවෙකු ඇතුළු තිදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබුණි.
කෙසේවෙතත්, අනතුර සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා අත්අඩංගුවට ගත් අතර, පසුව මහේස්ත්‍රාත්වරයා විසින් ඔහු ඇප මත මුදා හැරීමට නියෝග කළ බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

