මෙම වසරේ ජනවාරි මාසයෙන් මෙතෙක් ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව මිලියන 2 දක්වා ඉහළ ගොස් තිබේ. අද පස්වරු 1.30ට ලන්ඩන් සිට පැමිණි ශ්‍රීලන්කන් ගුවන් සේවයේ UL-504 ගුවන් යානයෙන් පැමිණි විදේශීය යුවළක් සමඟ මෙය සම්පූර්ණ විය.
මෙරට 2 මිලියන සංචාරකයාව ලෙස සටහන් වූයේ ප්‍රංශයේ පැරිස් නගරයේ පදිංචිකරුවන් වන රෆායෙල් කැරොන් සහ ඔහුගේ බිරිඳ ක්ලෙයා චාලට්යෝය. ඔවුන් කටුනායක ගුවන් තොටුපොළට පැමිණි අවස්ථාවේ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් උණුසුම් පිළිගැනීමක් සිදු කරන ලදී.
මෙම අවස්ථාවට සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ පාලන සහ මානව සම්පත් අනූෂා දමයන්ති මහත්මිය ඇතුළූ උසස් නිලධාරීන්, ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම් නියෝජිතයින්ත් එක්ව සිටියහ. මෙම යුවළ සති දෙකක කාලයක් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත බවද සඳහන්ය.

