Sunday, December 21, 2025
Homeසියලුම පුවත්සජබ-එජාප සාකච්ඡා කමිටුවෙන් තිස්ස යයි

සජබ-එජාප සාකච්ඡා කමිටුවෙන් තිස්ස යයි

සජබ-එජාප සාකච්ඡා කමිටුවෙන් තිස්ස යයි

සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක සජබ සහ යූ.එන්.පී. සාකච්ඡා කමිටුවෙන් ඉවත් වී ඇත.

පක්ෂයේ ම ඉදිරි පෙළ කණ්ඩායමක් විසින් ජාතික සංවිධායක වන තමන් සහ සජබ පක්ෂ සභාපති ඉලක්ක කරගෙන එල්ල කරන මඩ ප්‍රහාර නිසා එක්සත් ජාතික පක්ෂය සමග පැවැත්වෙන සාකච්ඡා කණ්ඩායමෙන් ඉවත්වන බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක පවසයි.

මෙය පක්ෂ මහ ලේකම් හා ජාතික සංවිධායක යන තනතුරු බලාගෙන ම පක්ෂය ඇතුළේ පිරිසක් කරන වැඩක් බව ඔහු කීය.

එජාපය සමග සාකච්ඡා කළේ කෘත්‍යාධිකාරි මණ්ඩලය ගත් තීරණයක් අනුව මිස පෞද්ගලික වුවමනාවක් මත නොවන බව තිස්ස අත්තනායක මහතා කීවේය.

සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා ඊයේ (පෙබ. 16) මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments