කාලයක් පුරා සමගි ජන බලවේගයේ පාක්ෂිකයන් සහ එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයන් බලා සිටි තීරණාත්මක හමුවක් අද දහවල් කොළඹදී සිදුවිය.
ඒ සජබ නායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අතර සහ එජාප නායක මට්ටමේ හමුවකි.
ඊට එජාපය පාර්ශ්වයෙන් නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, උපනායක අකිල විරාජ් කාරියවසම් සහ උපසභාපති නවීන් දිසානායක යන මහත්වරු එක්ව සිටියහ.
පැය කිහිපයක් පුරා ඉතා සුහදව පැවැත්වී ඇති මෙම සාකච්ඡාවේදී වැදගත් කරුණු රැසක් පිළිබද සාකච්ඡා වී ඇති බවක් දැනගන්නට තිබේ.
එමෙන්ම කවදුරටත් මෙම සාකච්ඡා ඉදිරියට ගෙන යාමේ එකගතාවක් දෙපාර්ශ්වය අතර ඇතිවී ඇති බවක්ද වාර්තා වේ.

