Saturday, January 17, 2026
Homeදේශීයසජිත්ගේ තීරණයට එජාපයේ පැසසුම්

සජිත්ගේ තීරණයට එජාපයේ පැසසුම්

එක්සත් ජාතික පක්ෂය සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායක ලෙස එක්සත් ජාතික පක්ෂ සහ සමගි ජන බලවේගය එකතු කිරීමේ වගකීම බාර ගැනීමට ගත් තීරණය සම්පූර්ණයෙන්ම පිළිගන්න බව ප්‍රකාශ කරයි.

එජාප – සජබ එකතු කිරීමේ වැඩසටහන සඳහා සජිත් මහතා පෞද්ගලිකවම ඉදිරිපත් වූයේ විශේෂ කෘතඥතාවයක් වන බවද එක්සත් ජාතික පක්ෂය අවධාරණය කරයි.

එක්සත් ජාතික පක්ෂය, ඉදිරි කටයුතු සාකච්ඡා කිරීමට, රුවන් විජයවර්ධන (නියෝජ්‍ය නායක), තලතා අතුකෝරළ (මහ ලේකම්) සහ සාගල රත්නායක (ජාතික සංවිධායක) යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇත.

එම කමිටුව හරහා සියලු සාකච්ඡා මෙහෙයවන බව එක්සත් ජාතික පක්ෂය තවදුරටත් සඳහන් කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments