Friday, January 16, 2026
Homeසියලුම පුවත්සජිත්ගේ රෝහල් වැඩසටහනට චීනයෙන් ආධාර.

සජිත්ගේ රෝහල් වැඩසටහනට චීනයෙන් ආධාර.

මෙරට රෝහල්වල සෞඛ්‍යය නගාසිටුවීම අරමුණු කොට ගනිමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක “සමගි ජන බලවේගයේ හුස්මක්” වැඩසටහන පිළිබඳව ස්වකීය ප්‍රසාදය සහ, සතුට පළ කරමින් චීන රජය රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් එම වැඩසටහනට සුවිශේෂී පරිත්‍යාගයක් සිදු කරනු ලැබීය.

ඒ අනුව වකුගඩු ආශ්‍රිත රෝග පිළිබඳව පරික්ෂණ සඳහා අත්‍යවශ්‍යව පවතින Kidney Dialysis Machine සදහා රුපියල් ලක්ෂ එකසිය අනූහයක මූල්‍ය ආධාරයක් ලබා දීමට චීන රජය ඊයේ (22) කටයුතු කළහ.

ඊට අදාල පරිත්‍යාගය අද (22) පෙරවරුවේ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී කොළඹ චීන තානාපති කී. සෙන්හොංග් මහතා ඇතුලු චීන නියෝජිතයින් පිරිස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සිදුකරනු ලැබීය.

RELATED ARTICLES

Most Popular

Recent Comments