අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2025 (2026) සඳහා උත්තරපත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන් ලෙස සේවය කිරීමට අයදුම්පත් භාරගැනීම අනිද්දා (08) දිනෙන් අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
එම විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් සඳහා සුදුසුකම් ඇති අයදුම්කරුවන්ට https://onlineexams.gov.lk/eic වෙබ් අඩවිය හරහා තවදුරටත් අයදුම් කළ හැකි බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අ.පො.ස. (සා.පෙළ) 2025 (2026) උත්තරපත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන් සඳහා අයදුම්පත් කැඳවීම 2025 දෙසැම්බර් 25 දින ආරම්භ කර ඇති අතර, එම අයදුම්පත් ජනවාරි 08 දක්වා භාරගන්නා බව විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

