මාවතගම ප්‍රදේශයේදී කාන්තාවකට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කර තුවාල සිදුකළ බවට සැක කෙරෙන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය පතයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පිලැස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර, අදාළ සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් සැඟව සිටින බවට තොරතුරු අනාවරණය වී ඇති බව පොලීසිය සඳහන් කරයි.
පසුගිය 10 වැනිදා මෙම ඇසිඩ් ප්‍රහාරය සිදුව ඇති අතර, ඒ පිළිබඳ මාවතගම පොලිස් ස්ථානයට ලැබුණු පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත.
සැකකරුගේ විස්තර:
නම – අබේසිංහ දොන් මංගල පුෂ්පකුමාර අබේසිංහ
ලිපිනය – වැද්දාගල උතුර, වැද්දාගල, කලවාන
ජාතික හැඳුනුම්පත් අංකය – 810532394V
මෙම සැකකරුට රන්තපුර හා කලවාන මහෙස්ත්‍රාත් අධිකරණවලින් වරෙන්තු නිකුත් කර ඇති බවද පොලීසිය පවසයි.
සැකකරු සම්බන්ධයෙන් කිසියම් තොරතුරක් ඇත්නම්, පහත දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
දුරකථන අංක:
ස්ථානාධිපති – මාවතගම පොලිස් ස්ථානය: 0718 591 258
මාවතගම පොලිස් ස්ථානය: 0372 299 222

