Monday, December 22, 2025
Homeසියලුම පුවත්සැඩ පහරට හසුවූ පාසල් සිසුවාගේ සිරුර හමුවෙයි

සැඩ පහරට හසුවූ පාසල් සිසුවාගේ සිරුර හමුවෙයි

දෙල්තොට ප්‍රදේශයේදී සැඩ පහරකට හසුවී ගසාගෙන ගොස් අතුරුදන්ව සිටි පාසල් සිසුවාගේ සිරුර හමුවී තිබේ.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 10 හැවිරිදි වියේ පසුවූ දෙල්තොට ලිට්ල් වැලි ප්‍රදේශයේ පදිංචිව සිටි පාසල් සිසුවෙකි.

එම සිසුවා ඊයේ පස්වරුවේ ශිෂ්‍යත්ව විභාගයේ අතිරේක පන්තියකට සහභාගීවීමෙන් අනතුරුව සිය නිවස වෙත එමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.

ප්‍රදේශයට ඇදහැළුණු අධික වර්ෂාවත් සමග දරුවාගේ නිවසට යන මාර්ගයේ ඇළ මාර්ගයක් හරහා තිබූ අනාරක්ෂිත පාලමකින් එගොඩ වීමට යාමේදී සිසුව සැඩපහරට හසුවී ගසාගෙන ගොස් තිබේ.

ඊයේ රාත්‍රිය දක්වා ගලහ පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව පාසල් සිසුවා සෙවීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබුණි.

කෙසේ වෙතත් පාසල් දරුවාගේ සිරුර සැඩ පහරට හසුව ගසාගෙන ගිය ස්ථානයේ සිට කිලෝමීටර් 3ක පමණ දුරකින් පිහිටි ස්ථානයක තිබියදී අද උදෑසන සොයාගෙන තිබේ.

සුදුවැල්ල ග්‍රාම සේවා වසමේ තිබෙන මෙම ඔය හරහා ඇත්තේ විදුලි කණු හතරක් යොදා ගම්වාසීන් සකසා ගත් කුඩා පාලමකි. 

දෙපස ඇඳි රහිත ඒදණ්ඩක් බඳු මෙම පාලම මතින් කුඩා දරුවන් ඇතුළු ගම්වාසීන් එගොඩට මෙගොඩ යන්නේ ඉතා අවදානම් ගමනක් බව ඔවුහු පවසති.

මෙවැනි අනාරක්ෂිත ස්ථාන තවත් අහිංසකයෙකුගේ ජීවිතයක් බිළිගැනීමට පෙර බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතු නොවේද?

RELATED ARTICLES

Most Popular

Recent Comments