Thursday, November 13, 2025
Homeදේශීයසැප්තැම්බරයේ රේගු ආදායම 117%ක් ඉක්මවෙයි

සැප්තැම්බරයේ රේගු ආදායම 117%ක් ඉක්මවෙයි

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව පවසන්නේ, 2025 සැප්තැම්බර් මස අවසානය වන විට අපේක්ෂිත ආදායමෙන් 117%ක් ලබාගැනීමට හැකි වූ බවයි.

අපේක්ෂිත රුපියල් 1,485 බිලියනක ඉලක්කය ඉක්මවා, සැප්තැම්බර් 30 වන විට ලැබුණු මුළු ආදායම රුපියල් 1,737 බිලියන බවද අනාවරණය විය.

වාහන ආනයනයෙන් විශාලම දායකත්වය

සමස්ත ආදායමේ 37%ක් වූ රු. 587.11 බිලියන

මෝටර් කාර් 55,447ක් – රු. 474.26 බිලියන

භාණ්ඩ ප්‍රවාහන රථ 7,331ක් – රු. 48.67 බිලියන

යතුරුපැදිය 142,524ක් – රු. 30.37 බිලියන

ත්‍රීරෝද රථ 15,035ක් – රු. 15.10 බිලියන

බස් හා වෑන් රථ 1,679ක් – රු. 12.66 බිලියන


නව ඩිජිටල් ක්‍රමවේදයක්
රේගුව මඟින් රාජසන්තක භාණ්ඩ වෙන්දේසි කිරීම සඳහා නව ඩිජිටල් පද්ධතියක් ඉදිරියේදී හඳුන්වාදීමට සූදානම් බවද නිලධාරීන් පවසති.

මෙම තොරතුරු පාර්ලිමේන්තු ක්‍රම සහ විධි කාරක සභාව දී රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා සහ රේගු නිලධාරීන් පවසා තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments