Saturday, March 21, 2026
Homeසියලුම පුවත්සියලු ඉන්ධන මිල නැවතත් ඉහළට

සියලු ඉන්ධන මිල නැවතත් ඉහළට

අද (21) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් යළිත් වැඩි කිරීමට තීරණය කර ඇති බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කරයි.
ඒ අනුව, සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 79කින් ඉහළ දමා ඇති අතර නව මිල රුපියල් 382ක් වේ.
සුපිරි ඩීසල් ලීටරයක මිලද රුපියල් 90කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 443ක් ලෙස සඳහන් වේ.
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 90කින් ඉහළ ගොස් නව මිල රුපියල් 455ක් වන අතර, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 81කින් වැඩි කර රුපියල් 398ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ලංකා භූමිතෙල් ලීටරයක මිලද රුපියල් 60කින් වැඩි කර ඇති අතර, එහි නව මිල රුපියල් 255ක් බව සංස්ථාව වැඩිදුරටත් සඳහන් කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments