රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගැනීම අභියෝගයට ලක් කරමින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය ලබන සැප්තැම්බර් 25 වනදා කැඳවීමට නියෝග කර තිබේ.
මෙම පෙත්සම ගොනු කර ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශ්‍රාමික නිලධාරියෙකු වන ශාන්ත ජයතිලක මහතා විසිනි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගෙන රඳවා තැබීම මෙම පෙත්සම මගින් අභියෝගයට ලක් කර ඇත.
සුරේෂ් සලේ සම්බන්ධ පෙත්සම සලකා බැලීමට දින නියමයි

