Wednesday, February 11, 2026
Homeදේශීයසුළි කුණාටුවෙන් පීඩාවට පත් මහනුවර ජනතාවට වන්දි ප්‍රදානය අද ජනපති ප්‍රධානත්වයෙන්

සුළි කුණාටුවෙන් පීඩාවට පත් මහනුවර ජනතාවට වන්දි ප්‍රදානය අද ජනපති ප්‍රධානත්වයෙන්

‘දිට්වා’ සුළි කුණාටුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ පූර්ණ හා අර්ධ නිවාස හානි සිදුවූ පවුල් සඳහා නව නිවාස ඉදිකිරීමේ වැඩසටහන ආරම්භ කිරීම සහ වන්දි ප්‍රදානය කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (6) මහනුවරට පැමිණීමට නියමිතය.

මෙම අවස්ථාවේදී මහනුවර දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක්ද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිතව ඇත.

එසේම මහනුවර – යාපනය A-9 මාර්ගයේ මහයියාව උමං මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමත්, ගැටඹේ ගුවන් පාලමේ ඉදිකිරීම් හෙට (7) යළි ආරම්භ කිරීමත් සැලසුම් කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත් කුණ්ඩසාලේ, මැදදුම්බර, පාතදුම්බර සහ පන්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කර්මාන්තකරුවන්ට සහ පූර්ණ හා අර්ධ නිවාස හානි සිදුවූ පවුල් සඳහා වන්දි ප්‍රදානය කුණ්ඩසාලේ මධ්‍යම පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වෙන බවයි.

ආපදා තත්ත්වය හේතුවෙන් කර්මාන්ත ස්ථාන හෝ යන්ත්‍රෝපකරණ හානි වූ පුද්ගලයන්ට තම ව්‍යාපාර නැවත ආරම්භ කිරීම සඳහා රුපියල් ලක්ෂ 2 බැගින් වන්දි මුදල් ලබාදීමට නියමිත බව ද සඳහන් වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments