ලබන 18 වනදා සිට සෞඛ්‍ය දත්ත වාර්තා කිරීමේ කටයුතු වලින් ඉවත්වීමට තීරණය කළ බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
සංගමය සඳහන් කළේ පවතින ගැටලු කිහිපයකට විසඳුම් නොලැබීම හේතුවෙන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමට තීරණය කළ බවයි.
කෙසේ වෙතත්, රෝගීන්ට සෘජුව බලපාන සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යන බවද සංගමය වැඩිදුරටත් සඳහන් කළේය.

