හක්මන විවිධ සේවා සමූපාකාර සමිතියේ නව අධ්යක්ෂ මණ්ඩලය සහ මහා සභා නියෝජිතයින් තෝරාගැනීම සඳහා පැවැති ඡන්ද විමසීමේදී පොදු විපක්ෂය ජයග්‍රහණය කර ඇත. ඡන්දය පැවතියේ ඊයේ 16 වනදා වන අතර, එහිදී පොදු විපක්ෂ නියෝජිතයින් 68 දෙනෙකු සහ ජාතික ජන බලවේගය නියෝජිතයින් 32 දෙනෙකු තේරී පත්වූහ.
ඒ අනුව සමූපාකාර සමිතියේ පාලන බලය පොදු විපක්ෂය තම අතට ලබා ගැනීමට සමත්විය. මෙවර ඡන්දයට පොදු විපක්ෂය නියෝජනය කළේ සමිතියේ හිටපු සභාපති තුෂාර විදානගම යන විට, NPP පාර්ශ්වය නියෝජනය කළේ හක්මන ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයාය.
හක්මන විවිධ සේවා සමූපකාර සමිතියේ ප්‍රාදේශික 37ක් පවතින අතර දැනට ක්‍රියාත්මක වන්නේ 17ක් පමණයි. මෙය යටතේ ග්‍රාමීය බැංකු ශාඛා 14ක්, කෝප් සිටි එකක්, මිණිකෝප් සිටි හතරක්, ඉන්ධන පිරවුම්හල් දෙකක්, මුල් ළමා සංවර්ධන මධ්‍යස්ථානයක්, දිවා සුරකුම් මධ්‍යස්ථානයක් සහ පොල්තෙල් මෝලක්ද ක්‍රියාත්මක වේ.
මෙම සමිතියේ මහා සභා නියෝජිතයින් 100 දෙනෙකු සාමාජික ඡන්දයෙන් තෝරා පත් කරගන්නේය. ඉන් හත්දෙනෙකු අධ්යක්ෂ මණ්ඩලය සඳහා තේරීම කිසිඳු සැකයකින් තොරව ඉදිරියේදී සිදුකිරීමට නියමිතය.
හක්මන සමූපාකාර ඡන්දයෙන් NPP පරාජය වෙයි – ජය පොදු විපක්ෂයට

