නීතියේ පිළිසරණ බලාපොරොත්තුවෙන් පැමිණෙන ජනතාව මුහුණදෙන ගැටලු අවබෝධ කරගෙන උපරිම සහාය ලබාදීම නීති නිලධාරීන්ගේ වගකීම බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව යටතේ දිවයින පුරා සේවය කරන නීති නිලධාරීන් සඳහා පැවැත්වූ පුහුණු වැඩමුළුවේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
යුක්තියට ප්‍රවේශවීමේ පහසුකම් සෑම පුද්ගලයෙකුටම භේදයකින් තොරව ලබාදිය යුතු බවත්, නීති ආධාර අපේක්ෂා කරන පුද්ගලයන්ට ඉවසීම, දයාව සහ කරුණාව මුල්කරගනිමින් සේවය කළ යුතු බවත් ඔහු අවධාරණය කළේය.
අධිකරණය තුළ සිදුවන ක්‍රියාවලිය සේවාදායකයින්ට පැහැදිලි කිරීම නීතිඥවරයාගේ වගකීමක් බව ද පෙන්වා දුන් අමාත්‍යවරයා, සම්පත් සීමිත වුවද ජනතාවට අවශ්‍ය නීති සහාය නිසි ලෙස ලබාදීම අත්‍යවශ්‍ය බව සඳහන් කළේය.
එමෙන්ම ආර්ථික අභියෝග මධ්‍යයේ රට ඉදිරියට ගමන් කරන අවස්ථාවේදී කැපවීමෙන් සේවය කිරීමේ වැදගත්කමද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

