Wednesday, March 4, 2026
Homeදේශපාලනහරීන් ප්‍රනාන්දුගේ නඩුව කල් යයි

හරීන් ප්‍රනාන්දුගේ නඩුව කල් යයි

පසුගිය මහ මැතිවරණ සමයේ මැතිවරණ නීති උල්ලංඝනය කළ බවට චෝදනා එල්ල වූ සිද්ධියක් සම්බන්ධයෙන් බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුව සඳහා හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (06) පෙරවරුවේ අධිකරණය හමුවේ පෙනී සිටියේය.

නඩුව කැඳවූ අවස්ථාවේදී බදුල්ල මහෙස්ත්‍රාත් උදිත් ගුණතිලක මහතා විසින් එම නඩුව මැයි මස 05 වැනිදාට නැවත කැඳවීමට නියෝග කළේය.

මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු අවසන් වීමට තිබූ දින දහවල් බදුල්ල නගරයේදී මැතිවරණ නීති උල්ලංඝනය වන ආකාරයෙන් පෙළපාලියක ගමන් කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට, පසුගිය වසරේ නොවැම්බර් 20 වැනිදා බදුල්ල මූලස්ථාන පොලීසිය වෙත පැමිණි අවස්ථාවේදී හරීන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන තිබුණි.

ඒ අනුව ඔහු එදින බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප මත මුදාහැර ඇති බවද වාර්තා වෙයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments