Tuesday, February 17, 2026
Homeදේශීයහිටපු ජනපති රනිල්ට එරෙහි නඩුව අද යළි කැඳවයි

හිටපු ජනපති රනිල්ට එරෙහි නඩුව අද යළි කැඳවයි

පොදු දේපළ පනත යටතේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුව අද (29) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී යළි සලකා බැලීමට නියමිතය.

මෙම නඩුව, රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයේ පදිංචිකාලය තුළ ඔහුගේ බිරිඳ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ උපාධි ප්‍රධාන උත්සවයකට සහභාගි වීමට ලන්ඩනයට ගියවිට රජයේ මුදල් අවභාවිතා කළා යන චෝදනාවට සම්බන්ධ වේ.

පසුගිය අගෝස්තු 22 වනදා හිටපු ජනාධිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර අගෝස්තු 26 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා.

වෛද්‍ය වාර්තා සලකා බැලූ අධිකරණය, රනිල් වික්‍රමසිංහ මහතා රුපියල් ලක්ෂ 50 බැගින් ශරීර ඇප තුනක් යටතේ මුදාහැරීමත්, නඩුව අද දිනයේ යළි කැඳවීමට නියම කර තිබුණි.

RELATED ARTICLES

Most Popular

Recent Comments