Wednesday, February 18, 2026
Homeදේශීයහිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට ඇප

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට ඇප

2023 වසරේ එවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රිතාන්‍යයේ සිදුකළ පෞද්ගලික සංචාරයක් සඳහා මුදල් අනුමත කිරීම තුළින් රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (18) නියෝග කළේය.

ඒ අනුව සැකකරු රුපියල් මිලියන දෙක බැගින් වූ ශරීරය ඇප දෙකක් මත මුදාහරින ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා නියෝග කළේය.

සමන් ඒකනායක මහතා ඇප මත මුදාහරින ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කර තිබුණි.

එම ඉල්ලීමට විරෝධය පළ කරමින් විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා කරුණු ඉදිරිපත් කර තිබුණි.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය ප්‍රකාශයට පත් කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments