ලබුගම සහ කලටුවාව ජල පිරිපහදු මධ්‍යස්ථානවල ජල මට්ටම පහළ බැසීම හේතුවෙන් හෙට (09) උදෑසන 8 සිට පස්වරු 8 දක්වා මත්තෙගොඩ, බ්‍රාහ්මණගම, කිරිගම්පමුණුව, දීපංගොඩ ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවේ.
එමෙන්ම අද (08) රාත්‍රී 8 සිට හෙට උදෑසන 8 දක්වා හෝමාගම, ගොඩගම, අතුරුගිරිය, හොරගල, රනාල ඇතුළු ප්රදේශවලටද ජල කප්පාදුවක් ක්‍රියාත්මක වේ.
වියළි කාලගුණය හේතුවෙන් ජල මට්ටම් පහළ යාම මෙයට හේතු වී ඇති අතර, පසුගිය කාලයේ සිට ප්‍රදේශ රැසක ජල සැපයුම සීමා කර තිබේ.
හෙටත් ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්

