Friday, November 14, 2025
Homeදේශීයහෙද ආචාර්යවරුන් බඳවා ගැනීම කඩිනමින් ආරම්භ වේ

හෙද ආචාර්යවරුන් බඳවා ගැනීම කඩිනමින් ආරම්භ වේ

මෙරට හෙද විදුහල්වල හෙද ආචාර්යවරුන්ගේ හිඟය හේතුවෙන් නව බඳවා ගැනීම් කඩිනමින් සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබා ඇත.

තත්ත්ව වාර්තා අනුව අනුමත හෙද ආචාර්යවරුන් සංඛ්‍යාව 395ක් වන අතර, දැනට සේවය කරන පිරිස 220ක් පමණක් බවත්, එමඟින් 175ක් පමණ අතිරේක අවශ්‍යතාවයක් පවතින බවත් සඳහන් වේ.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් හෙද විදුහල්පතිවරුන්ගේ සංසඳය සමග පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගන්නා ලදී.

ඒ අනුව නතර කර තිබූ බඳවා ගැනීම් ක්‍රියාවලිය නැවත ආරම්භ කර, ඉල්ලුම්පත් ඉදිරිපත් කර ඇති අය සඳහා විභාග පවත්වා අමාස දෙකක් ඇතුළත බඳවා ගැනීම් අවසන් කිරීමට උපදෙස් ලබා දී ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments