Wednesday, March 4, 2026
Homeදේශීයහෙරොයින් සමග කාන්තාවක් බොරැල්ලේදී අත්අඩංගුවට

හෙරොයින් සමග කාන්තාවක් බොරැල්ලේදී අත්අඩංගුවට

බොරැල්ල මිහිඳු සෙන්පුර ප්‍රදේශයේදී හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

බොරැල්ල පොලිසියට ලැබුණු තොරතුරක් මත සිදු කළ වැටලීමකදී මෙම සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කළේය.

වැටලීමේදී ඇය සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 490 සහ මිලිග්‍රෑම් 300ක් සොයාගෙන ඇත.

පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ, අත්අඩංගුවට ගත් කාන්තාව දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පුද්ගලියක් බවයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments