අද පෙරවරුවේ පැවැත්වුණු ගාල්ල මහ නගර සභා සභා රැස්වීම දැඩි උණුසුම් තත්ත්වයකට පත්විය.
පසුගිය සභා වාරයේදී අයවැය ලේඛනය සම්මත කිරීමේදී අක්රමිකතා සිදු වූ බවට චෝදනා කරමින් විපක්ෂ මන්ත්රීවරුන් සභා රැස්වීම තුළ දැඩි විරෝධතාවක් පළ කර ඇති බව වාර්තා වෙයි.
එම කලබලකාරී තත්ත්වය පාලනය කර ගැනීම සඳහා නගරාධිපතිවරයා විසින් පොලිසිය කැඳවීමටද පියවර ගෙන තිබේ.
මෙම ගැටුම් අතරතුර විපක්ෂ මන්ත්රීවරුන් විසින් සභා ලේකම්වරයා වෙත ජල ප්රහාරයක්ද එල්ල කර ඇති බව සඳහන් වේ.
අයවැය සම්මත කිරීමේ ක්රියාවලිය නිසි ක්රමවේදයට අනුකූල නොවන ලෙස සිදුකර ඇති බවට චෝදනා කරමින් මෙම විරෝධතාවය සිදුකර ඇති බව විපක්ෂ මන්ත්රීවරුන් පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු වාර්තා වීමට නියමිතය.

