Tuesday, February 17, 2026
Homeදේශීයහොරණ නගර සභා නිලධාරියෙක් වැවක ගිලි මිය යයි

හොරණ නගර සභා නිලධාරියෙක් වැවක ගිලි මිය යයි

කොතලාවල උයන්වත්ත වැවේ ගිලී සජිත් රසාංග (34) නමැති පුද්ගලයෙක් ඊයේ (24) මියගොස් ඇත.

ඔහු ඉංගිරිය, ඇඳුරාගල ප්‍රදේශයේ පදිංචි, හොරණ නගර සභාවේ ලිපිකරුවෙකු වූ අතර, නිවසෙන් පිටව ගිය පසු නැවත නොපැමිණීමෙන් පසු සෙවීමේදී ඔහුගේ යතුරුපැදිය වැව අසල හමුවිය.

පසුව කැමිඳුම්කරුවන් මගින් මළ සිරුර දිය යටින් සොයා ගැනිනි.

පොලීසියට අනුව මියගිය පුද්ගලයා මානසික රෝගයකට ප්‍රතිකාර ලබමින් සිටියා යැයි කියයි.

පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මළ සිරුර හොරණ රෝහලට යොමු කර ඇති අතර බණ්ඩාරගම පොලීසිය පරීක්ෂණය පවත්වයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments