ඉරාන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශයේදී කුඩා යාත්‍රා කිහිපයක් මගින් භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එක්සත් රාජධානියේ සමුද්‍ර වෙළඳ මෙහෙයුම් මධ්‍යස්ථානය සඳහන් කළේ, මෙම සිදුවීම ඉරානයේ සිරික් වරාය ආසන්න මුහුදු ප්‍රදේශයේදී සිදුව ඇති බවයි.
ප්‍රහාරයට ලක්වූ නෞකාව හෝමූස් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් සිට ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
හෝමූස් ආසන්නයේ භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට ප්‍රහාරයක්

