Homeසියලුම පුවත්ෆයිනස් ගසක් කඩා වැටී ත්‍රිරෝද රථයකට හානි

ෆයිනස් ගසක් කඩා වැටී ත්‍රිරෝද රථයකට හානි

ගලහා – මහනුවර මාර්ගයේ හාල්වත්ත ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් මතට ෆයිනස් ගසක් කඩා වැටීමෙන් රියදුරු තුවාල ලබා ඇති අතර රථයට දැඩි හානි සිදුව තිබේ.
වෛද්‍ය ප්‍රතිකාර සඳහා සිසුන් දෙදෙනෙකු මහනුවර රැගෙන යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වෙයි.
තුවාල ලැබූ රියදුරු රෝහල්ගත කර ඇති අතර, ත්‍රිරෝද රථයේ ගමන්ගත් සිසුන් දෙදෙනා සුළු තුවාල ලබා ප්‍රතිකාරයෙන් පසු රෝහලෙන් පිටව ගොස් ඇත.
මෙම ප්‍රදේශයේ තවත් දිරාගිය ෆයිනස් ගස් රැසක් පවතින බැවින් රියදුරන් දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස පොලීසිය ඉල්ලීමක් කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments