කොළඹ වරායේ සිට බස්නාහිර දෙසින් නාවික සැතපුම් 17ක් පමණ දුරින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින් හිස් බහාලුම් 17ක් මුහුදට වැටී පාවෙමින් පවතින බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
පවතින මුහුදු දියවැල් හේතුවෙන් එම බහාලුම් බේරුවල සිට මීගමුව හරහා පුත්තලම දක්වා වූ මුහුදු තීරය දෙසට පාවී ඒමේ වැඩි හැකියාවක් පවතින බවද සඳහන් වේ.
ඒ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශවල ගමන් කරන සහ ධීවර කටයුතුවල නිරත සියලුම බහුදින හා කුඩා ධීවර යාත්‍රා දැඩි අවධානයෙන් හා සුපරීක්ෂාකාරීව කටයුතු කරන ලෙස දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
යම් හෙයකින් මෙම පාවෙන බහාලුම් නිරීක්ෂණය වුවහොත් වහාම ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ ගුවන් විදුලි පණිවිඩ මධ්‍යස්ථානයට හෝ ආසන්නතම ධීවර වරාය නිලධාරීන්ට දැනුම් දෙන ලෙසද ඉල්ලා සිටී.

