Homeසියලුම පුවත්අකුණු සැරක් වැදීමෙන් ශ්‍රීලන්කන් යානයක් යළි කටුනායකට

අකුණු සැරක් වැදීමෙන් ශ්‍රීලන්කන් යානයක් යළි කටුනායකට

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බලා පිටත්ව ගිය ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් අකුණු සැරක් වැදීම හේතුවෙන් ආරක්ෂිතව යළි ගොඩබස්වා තිබේ.
යූ.එල්. 606 දරණ ගුවන් යානයේ එක් එන්ජිමකට අකුණු සැර වැදී ඇති අතර, ආරක්ෂිත පියවරක් ලෙස එය නැවත කටුනායක ගුවන්තොටුපොළ වෙත ගොඩබෑමට පියවර ගෙන ඇත.
අනතුරුව අදාළ මගීන් වෙනත් ගුවන් යානයකින් ඕස්ට්‍රේලියාව බලා පිටත් කර යවා ඇති අතර, මෙම සිදුවීම හේතුවෙන් ගුවන් ගමන පැය 5කට වැඩි කාලයක් ප්‍රමාද වී තිබේ.
සිද්ධියෙන් කිසිදු මගියෙකුට හෝ ගුවන් යානයට හානියක් සිදුව නොමැති බව ශ්‍රීලන්කන් ගුවන් සේවය සඳහන් කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments