Homeසියලුම පුවත්වෙළෙඳ නෞකා ආරක්ෂක කණ්ඩායම්වල කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් උපදෙස්

වෙළෙඳ නෞකා ආරක්ෂක කණ්ඩායම්වල කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් උපදෙස්

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබන වෙළෙඳ නෞකා ආරක්ෂක කණ්ඩායම් (OBST) මෙහෙයුම්වල වත්මන් ප්‍රගතිය සහ මූල්‍ය කාර්යසාධනය සමාලෝචනය කිරීමේ විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි.විශ්‍රාමික මේජර් ජෙනරාල් සහ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේදී, ගාල්ල පෙට්ටිගලවත්ත අවි ගබඩා සංකීර්ණයේ සිදු කළ නිරීක්ෂණ චාරිකාවකදී හඳුනාගත් කරුණු පිළිබඳව විශේෂ අවධානය යොමු විය.වෙළෙඳ නෞකාවල ආරක්ෂාව සඳහා ක්‍රියාත්මක වන විදේශීය පෞද්ගලික සාගරික ආරක්ෂක සමාගම්වලට (PMSCs) අයත් අවිආයුධ සහ මෙහෙයුම් උපකරණ ගබඩා කර තබන්නේ මෙම පරිශ්‍රයේය.එහිදී හඳුනාගත් ගැටලු සහ ඒවාට ලබාදිය යුතු විසඳුම්, OBST මෙහෙයුම්වල වත්මන් ප්‍රගතිය සහ මූල්‍ය තත්ත්වය පිළිබඳව සාකච්ඡා කර තිබේ. එමෙන්ම මෙම මෙහෙයුම් මඟින් රටට ලැබෙන ආදායම තවදුරටත් ඉහළ නැංවීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවද අවධානය යොමු කර ඇත.මෙහෙයුම් අඛණ්ඩව, විධිමත්ව සහ කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා අදාළ නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබාදී තිබේ.නිසි මෙහෙයුම් හා මූල්‍ය කළමනාකරණයක් තුළින් අපේක්ෂිත ප්‍රතිඵල ලබාගැනීමේදී සියලු කටයුතුවල පාරදෘශ්‍යභාවය සහ වගවීම උපරිම මට්ටමින් පවත්වාගෙන යාමේ වැදගත්කමද අමාත්‍යවරයා අවධාරණය කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments