Homeසියලුම පුවත්දිස්ත්‍රික්ක 9කට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

දිස්ත්‍රික්ක 9කට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 9කට අදියර 1 සහ අදියර 2 යටතේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.අදියර 2 – අවධානයෙන් සිටින්න- බදුල්ල – පස්සර- කෑගල්ල – දැරණියගල- නුවරඑළිය – නිල්දණ්ඩාහින්න, වලපනේ සහ අඹගමුව කෝරළේඅදියර 1 – විමසිලිමත්ව සිටින්න- බදුල්ල – මීගහකිවුල- කොළඹ – පාදුක්ක සහ සීතාවක- ගාල්ල – තවලම, ඇල්පිටිය සහ කරන්දෙණිය- කළුතර – වලල්ලාවිට, පාලින්දනුවර, ඉංගිරිය සහ බුලත්සිංහල- මහනුවර – උඩුදුම්බර, උඩුනුවර, තුම්පනේ, මිණිපේ සහ යටිනුවර- කෑගල්ල – අරණායක, යටියන්තොට, බුලත්කොහුපිටිය, මාවනැල්ල, රුවන්වැල්ල, කෑගල්ල සහ වරකාපොළ- නුවරඑළිය – මතුරට, කොත්මලේ බටහිර, කොත්මලේ නැගෙනහිර සහ හඟුරන්කෙත- මොණරාගල – වැල්ලවාය- රත්නපුර – ගොඩකවෙල, කොලොන්න, බලංගොඩ සහ රත්නපුරඅදාළ ප්‍රදේශවල ජනතාවට කාලගුණික තත්ත්වය පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත්, නායයෑමේ ලක්ෂණ පිළිබඳ විමසිලිමත් වන ලෙසත් දැනුම් දී තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments