පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නැවත සිවුරු පෙරවීම සම්බන්ධයෙන් සියම් මහා නිකායේ කෝට්ටේ පාර්ශ්වයේ මහානායක ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහානායක ස්වාමීන් වහන්සේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමු කර තිබේ.එම ලිපියෙන් උන්වහන්සේ දැනුම් දී ඇත්තේ ඥානසාර හිමියන්ට නැවත සිවුරු පෙරවීමේ කටයුතු ධර්ම විනයානුකූලව සිදුකළ යුතු බවයි.ඒ සඳහා මහානායක හිමියන් ඇතුළු දස නමකින් සමන්විත සංඝ සභා නියෝජිත පිරිසක් බන්ධනාගාරය වෙත පැමිණීමට නියමිත බව ද ලිපියේ සඳහන් වේ.එබැවින් එම කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් සූදානම් කර ඒ පිළිබඳව දැනුම් දෙන ලෙසත්, ඒ සඳහා සුදුසු දිනයක් සහ වේලාවක් ලබාදෙන ලෙසත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.අදාළ ලිපියේ පිටපතක් බන්ධනාගාර අධිකාරිවරයා වෙත ද යොමු කර ඇත.

