අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය සිය වෙසක් දින පණිවුඩය නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ, බාහිර ලෝකය ආලෝකවත් කරන සේම තම හදවත තුළ දයාව, කරුණාව සහ ප්‍රඥාවද ආලෝකමත් කරගැනීමට මෙවර වෙසක් සමය අවස්ථාවක් කරගත යුතු බවයි.
ලෝභ, ද්වේශ සහ මෝහය දුරු කරමින් සාමය හා සැනසීම උදාකර ගන්නා පින්බර කාලසීමාවක් බවට වෙසක් උත්සවය පත්කර ගත යුතු බවද ඇය සඳහන් කර තිබේ.
එමෙන්ම, පොදු යහපත උදෙසා කැපවෙන සමාජයක් ගොඩනැගීමේ වැදගත්කම අවධාරණය කළ අග්‍රාමාත්‍යවරිය, කුල, මල හෝ ආගම් භේදයකින් තොරව සැමට සාධාරණත්වය හිමිවන දැහැමි සමාජයක් ගොඩනැගීමට එක්වන ලෙසද ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.
අන්තගාමීත්වයෙන් බැහැරව මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරමින්, සොබාදහමට හිතැති හා පරිසර හිතකාමී වෙසක් සැමරුමකට එක්වන ලෙසද ඇය සිය පණිවුඩයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියාය.
අග්‍රාමාත්‍යවරියගෙන් වෙසක් දින පණිවුඩයක්

