Sunday, December 21, 2025
Homeසියලුම පුවත්අතිපූජ්‍ය ආචාර්ය මාදම්පාගම අස්සජී තිස්ස ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ බැහැ දැකීමට විපක්ෂ නායක සජිත්...

අතිපූජ්‍ය ආචාර්ය මාදම්පාගම අස්සජී තිස්ස ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ බැහැ දැකීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යයි

අමරපුර නිකායේ 16 වැනි මහනායක ස්වාමීන් වහන්සේ ලෙස පිදුම් ලැබූ අතිපූජ්‍ය ආචාර්ය මාදම්පාගම අස්සජී තිස්ස ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ බැහැ දැකීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යයි

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අඹගස්පිටිය පාර්ශවයේ 16 වැනි මහනායක ධුරයට අභිනවයෙන් පත් අම්බලන්ගොඩ, කන්දෙගෙදර මහා චේතිය පිරිවෙන් විහාරයේ සහ කොළඹ 14 ශ්‍රී ඉසිපතනාරාම මහා විහාරයේ ප්‍රධාන විහාරාධිපති අතිපූජ්‍ය ආචාර්ය මාදම්පාගම අස්සජී තිස්ස ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ බැහැ දැකීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක මෙන්ම සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැමිණියේය.

අතිපූජ්‍ය ආචාර්ය මාදම්පාගම අස්සජී තිස්ස ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ මුන ගැසීමෙන් අනතුරුව ඉදිරි දේශපාලන කටයුතු සඳහා ආශිර්වාද ලබා ගැනීමට ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments