Homeසියලුම පුවත්අතුරුදන් ධීවරයින් සෙවීම කඩිනම් කරන්නැයි උපදෙස්

අතුරුදන් ධීවරයින් සෙවීම කඩිනම් කරන්නැයි උපදෙස්

පේදුරුතුඩුව සහ කාර්ට්කෝවලම් ප්‍රදේශවලින් මුහුදු ගොස් අතුරුදන් වූ ධීවරයින් සිව්දෙනා සොයා සිදුකරන මෙහෙයුම් කඩිනම් කරන ලෙස ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබේ.
නාවික හමුදාව ඇතුළු සියලු පාර්ශ්වයන්ගෙන් අතුරුදන් වූ ධීවරයින් ආරක්ෂිතව ගොඩබිමට රැගෙන ඒම සඳහා උපරිම සහාය ලබාදෙන ලෙසද අමාත්‍යවරයා ඉල්ලීමක් කර ඇත.
පසුගිය 27 වනදා රාත්‍රී බෝට්ටු දෙකකින් මුහුදු ගිය මෙම ධීවරයින් සිව්දෙනා ප්‍රදේශයේ පැවති දැඩි සුළං තත්ත්වය හේතුවෙන් යළි වෙරළට පැමිණීමට නොහැකිව අතුරුදන්ව ඇති බවට පොලිසිය සැක පළ කරයි.
ගුවන් හමුදාවේ සහාය ඇතිව අද උදෑසන සිට විශේෂ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති අතර, අසල්වැසි රටවල සමුද්‍ර ආරක්ෂක අංශ වෙතද මේ පිළිබඳ තොරතුරු දැනුම්දී ඇති බව වාර්තා වෙයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments