කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව අද (07) බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර එම ප්‍රදේශවල අහස වළාකුළින් බරව පවතිනු ඇත.
සබරගමුව පළාතේ සහ මහනුවර, නුවරඑළිය, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බව ද සඳහන් වේ.
එමෙන්ම උතුරු මැද, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර වේගයෙන් තද සුළං හමා යා හැකි බැවින්, ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි අකුණු සහ තාවකාලික තද සුළංවලින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දී ඇත.

