ඉන්ධන පෝලිම් අවම කිරීමේ අරමුණෙන් බලශක්ති අමාත්‍යාංශය හඳුන්වා දුන් ජාතික ඉන්ධන අවසර පත හෙවත් QR ක්‍රමවේදය හෙට (01) සිට දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිතය.
ඒ අනුව හෙට සිට ඉන්ධන නිකුත් කරන්නේ QR කේතය පරික්ෂා කිරීමෙන් පසුවය.
එමෙන්ම සිය වාහනයේ චැසි අංකය භාවිත කර ජාතික ඉන්ධන අවසර පත්‍රය සඳහා ලියාපදිංචි වීමේදී ගැටලු මතුවූ රථ වාහන හිමියන්ට අද සිට සිය ආදායම් බලපත්‍රයේ අංකයෙන් ලියාපදිංචි විය හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
එමෙන්ම ඊයේ දිනය තුළ ඉන්ධන පිරවුම්හල් 746 ක් QR කේත ක්‍රමය භාවිත කරමින් ඉන්ධන නිකුත් කර තිබේ.
අද (31) පස්වරු 3.30 වනවිට QR ක්‍රමවේදය හා ලියාපදිංචි වී ඇති සංඛ්‍යාව මිලියන 5 තෙක් ඉහළ ගිය බව කංචන විජේසේකර මහතා පවසයි.
මේ වනවිට දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් අතරින් සියයට 95ක්ම QR ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම සඳහා අනුගත වී ඇති බව විෂයභාර අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.
ඒ අනුව අද (01) දින බස්නාහිර පළාත සහ මධ්‍යම පළාත තුල ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන නිකුත් කරනු ලබන පිරවුම්හල් ලැයිස්තුව නිකුත් කර තිබේ.
එම පිරවුම්හල් ලැයිස්තුව පහත දැක්වේ.