Tuesday, November 18, 2025
Homeදේශීයඅද (24) දිනයේ QR කේතය අනුව ඉන්ධන නිකුත් කරනු ලබන පිරවුම්හල් ලැයිස්තුව

අද (24) දිනයේ QR කේතය අනුව ඉන්ධන නිකුත් කරනු ලබන පිරවුම්හල් ලැයිස්තුව

ජාතික ඉන්ධන බලපත්‍රය ඊයේ (23) දිනයේ දී සාර්ථකව අත්හදා බැලූ බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

සිය නිල ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින් අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඒ අනුව ඉන්ධන බලපත්‍රය QR කේතය යටතේ ස්ථාන 20ක දී අත්හදා බැලූ බවයි.

ඊට වාහන 4708ක් සාර්ථකව ඉන්ධන ලබාගැනීමට යොමුකළ බව ද අමාත්‍යවරයා සඳහන් කරනවා.

එමෙන්ම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් ස්ථාන 25ක දී ඉන්ධන පරීක්ෂණ පැවැත්වීමට නියමිතව තිබූ බවත්, ඇනවුම් ලබා නොදීම, ප්‍රමාදයන් සහ බෙදාහැරීමේ දුර්වලතා හේතුවෙන් ස්ථාන 05ක් පරීක්ෂා කිරීමට නොහැකි වූ බව ද අමාත්‍යවරයා පවසනවා.

එම ස්ථාන 05 ඉදිරි දෙදින තුළ සිදු කෙරෙනු ඇති.

RELATED ARTICLES

Most Popular

Recent Comments