Thursday, November 13, 2025
Homeවිදේශීයඅභ්‍යවකාශයේ තිබූ ටොන් 25ක් බර චීන රොකට්ටුවේ කොටස් පෘථිවියට කඩන් වැටෙයි (VIDEO)

අභ්‍යවකාශයේ තිබූ ටොන් 25ක් බර චීන රොකට්ටුවේ කොටස් පෘථිවියට කඩන් වැටෙයි (VIDEO)

පසුගිය ජූලි 24 වැනිදා කක්ෂ ගතකරන ලද චීන CZ5B රොකට්ටුව ඊයේ රාත්‍රියේ පෘථිවියට කඩා වැටුණි.

අපේක්ෂිත ප්‍රදේශ අතර ඉන්දියන් සාගරයට වැඩි සම්භාවිතාවක් ද පැවති අතර, ඊයේ රාත්‍රියේ එම කොටස් පිලිපීනයේ සුලු මුහුදට කඩා වැටුණි.

මෙමගින් අභ්‍යාවකාශයට රැගෙන යන ලද්දේ චීන අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත උපකරණ තොගයකි.

ටොන් 25 ක් බර එම රොකට්ටුවේ අවශේෂ කොටස් පෘථිවි කක්ෂයට එපිටින් නිදහසේ පාවෙන බවත් ඒවා කුමන මොහොතක හෝ පෘථිවියට ඇතුලුවිය හැකි බවටත් අනාවැකි පළවිය.

ඒ සමග ලොවපුරා අවධානය යොමුවූයේ ඒවා ගොඩබිමකට කඩා වැටේද යන බියෙනි.

ටොන් 25ක් බර රොකට්ටුවේ ටොන් 10 ක පමණ කොටස් පෘථිවියට කඩා වැටෙන බවට අනාවැකි පළවූ නමුත් බොහොමයක් කොටස් පෘථිවි කක්ෂයට ඇතුළු වීමේ දී දැවී ගොස් තිබූ බව වාර්තා වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments