Sunday, November 16, 2025
Homeදේශීයඅමාත්‍යාංශ ලේකම් ධුරයෙන් නීල් බණ්ඩාර හපුහින්නට ස්ථාන මාරුවක්.

අමාත්‍යාංශ ලේකම් ධුරයෙන් නීල් බණ්ඩාර හපුහින්නට ස්ථාන මාරුවක්.

රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ධුරයෙන් නීල් බණ්ඩාර හපුහින්න මහතා ජනාධිපති කාර්යාලයට ස්ථාන මාරු කර තිබේ.

ඒ හෙට (20) සිට ක්‍රියාත්මක වන ආකාරයෙනි.

පළාත් පාලන මැතිවරණයේ ඇප මුදල් භාර නොගන්නා ලෙස, පසුගියදා දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත කළ දැනුම් දීමත් සමග නීල් බණ්ඩාර හපුහින්න මහතාට පාර්ශ්ව  රැසකින් චෝදනා එල්ල විය.

පසුව ඔහු මැතිවරණ කොමිසමට ද කැඳවූ  අතර එහිදී  ඔහු ඒ සම්බන්ධයෙන් කොමිසමෙන් සමාව ඉල්ලා සිටියේ ය.

නීල් බණ්ඩාර හපුහින්න මහතා සඳහන් කළේ, තමන් අමාත්‍ය මණ්ඩලයේ තීරණයක් මත අදාළ ලිපිය දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත යොමු කළ බවයි.

කෙසේ වෙතත් එවැනි තීරණයක් අමාත්‍ය මණ්ඩලයේදී  නොගත් බව, පසුගියදා අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළේ ය.

නමුත් තොරතුරු පනත යටතේ ලබා ගත් තොරතුරු අනුව, අමාත්‍ය මණ්ඩලය එවැනි තීරණයක් ගෙන තිබූ  බව, පසුව අනාවරණය විය.

RELATED ARTICLES

Most Popular

Recent Comments